Friday, October 14, 2016

PB denies Presidents Statement


Purawesi Balaya organization has denied the statement of President Maithripala Sirisena on arraigning Former Defense Secretary and Former Navy Commanders was wrong.  

Gamini Viyangoda stated that 6.2 million people voted for Maithripala Sirisena on January 8 were not only SLFP members. Therefore that kind of statement cannot be expected from President. He declared this in a press release today (14).


Although Gotabhaya Rajapaksha and Other Commanders should be legalized to the common law in Sri Lanka, but through the president’s statement that could be negated. PB had done vital role for the victory of President Maithripala Sirisena.  

Thursday, August 27, 2015

ඩග්ලස් - තොණ්ඩා ජාතික ආණ්ඩුවේ පුටු වලට



ඊළාම් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක ඩග්ලස් දේවානන්ද සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන් යන මහත්වරු නව ජාතික ආණ්ඩුව සමග එක්වන බවට ප්‍රකාශකර ඇතැයි වාර්තා වේ.  පසුගිය රජයේ ප්‍රබල චරිත දෙකක් වූ මොවුන් මෙලෙස ජාතික ආණ්ඩුව සමග එක්වීම තීරණාත්මක සාධකයක් වනු ඇත.

කලක් රජුන් තනන්නෝ ලෙස ප්‍රකටව සිටි තොන්ඩමන්ගේ බල බිඳීමට මහින්ද රාජපක්ෂ සමත්වීම සමග බොහෝ කලක් දේශපාලනික වශයෙන් ඔහු සිටියේ නිශ්ශබ්දවය. පසුගිය ජනාධිපතිවරණයේ පවා සක්‍රීය දායක නොවූ තොන්ඩමන් නව රජය සමග එක්වීම එතරම් විමතියට කරුණක් නොව.

නමුත් මහින්ද රාජපක්ෂ සමග සහ අතීතයේ සිටම නිදහස් පක්ෂය සමග එකම ගමන් මගක සිටි ඩග්ලස් දේවානන්ද මෙලෙස නව ජාතික ආණ්ඩුව සමග එක්වීම විශේෂ සිදුවීමකි. මෙවර මහමැතිවරණයෙන් ඊ.පී.ඩී.පී යට එක් මන්ත්‍රී ධූරයක් යාපනයෙන් හිමිවිය. එසේම වෙනදා නිසැක වශයෙන් ජයගන්නා කයිට්ස් දූපතේ ජයග්‍රහනය පවා මෙවර අහිමිවිය. මේ හේතුවෙන් මහින්ද රාජපක්ෂ හැරදා නව රජය සමග එක්වී තම දේශපාලන අනාගතය ගැන සහතික කරගැනීම ඔහුගේ අරමුණ වී ඇත.

ඇමති මණ්ඩලේ දිවුරුම බාලගිරි දෝෂයක් වන ලකුණු


එළඹෙන සැප්තැම්බර් 02 වැනිදා දිවුරුම් දීමට තීරණය කර ඇති ප්‍රකාශකල නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම නැවතත් කල්යන බව වාර්තා වේ. බොහෝවිට එය සැප්තැම්බර් 4 හෝ ආසන්න දිනකදී දිවුරුම් දීම සිදුවනු ඇතිබව නව ජාතික ආණ්ඩුව නියෝජනය කරන මහජන නියෝජිතයන් කීප දෙනෙක් මත දක්වා ඇත.

නව රජය ජාතික ආණ්ඩුවක් බැවින් එහි කැබිනට් මණ්ඩලය 30 ඉක්මවිය හැකිබවට ව්‍යවස්ථා සංශෝධනයේ විධිවිධාන සම්පාදනය කර ඇති හෙයින් එයට පාර්ලිමේන්තු අනුමැතිය ගැනීමට සිදුවේ. පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත වන්නේ සැප්තැම්බර් 01 දින බැවින් එදිනට අදාල අවසර ගැනීම සිදුකර ඉන් පසු දිනක ජාතික ආණ්ඩුවේ ඇමති මණ්ඩලය දිවුරුම් දෙනු ඇත.

ශ්‍රී.ල.නි.ප මහලේකම්වරයා කියා සිටියේ එළඹෙන 02 වැනිදා පක්ෂයේ සංවත්සරය ද යෙදී තිබෙන බැවින් එදිනට දිවුරුම් දීමට තම පක්ෂයේ සාමාජිකයන්ට අපහසුවනු ඇති බවයි. එම නිසාවෙන් තව දුරටත් ජාතික ආණ්ඩු කැබිනට් මණ්ඩලය දිවුරුම්දීම බාලගිරි දෝෂයක් බවට පත්ව තිබේ.

Wednesday, August 26, 2015

මහින්ද රාජපක්ෂ දේශපාලනයෙන් යන්නටම යයිද?


ශ්‍රී ලංකාවේ පස්වැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් වසර 10ක කාලයක් කටයුතු කල සහ ත්‍රස්තවාදය පරාජය කිරීමට නායකත්වය දුන් සුවිශේෂී දේශපාලන නායකයෙක් වන මහින්ද රාජපක්ෂ මහතා පවතින දේශපාලන තත්වය නිසාවෙන් දේශපාලනයෙන් විශ්‍රාම යාමට සූදානම්වන බව වාර්තාවේ.

   කෙසේ වෙතත් මේ පිළිබඳ නිල නිවේදනයක් තවමත් වාර්තා වී නොමැති අතර මෙය කටකතාවක් මත පැතිරුණු පුවත්ක්ද යන්න පිළිබඳව නිශ්චිතව සඳහන් නොවේ. කෙසේ වෙතත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රී.ල.නි.ප ය තුල ඔහුගේ බලය ව්‍යාප්ත කිරීම සඳහා දැඩි තීන්දු තීරණ ගැනීම හේතුවෙන් බොහොමයක් මහින්දවාදීන්ට සිදුවන තාඩන පීඩන වලින් ඔවුන් මුදවාගැනීම සඳහා එවැනි තීරණයක් ගැනීමට මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කරනු ඇති බවට විශ්වාසවන්ත ආරංචිමාර්ග කියා සිටිති.

පරාද වෙලත් නැවත ගෙනාවේ දේශප්‍රේමී පිරිසක් - දඹර අමිල හිමි


සන්ධාන ජාතික ලයිස්තුව තුලින් පරාජිත මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් නැවත පාර්ලිමේන්තුවට කැඳවීමෙහි තමන් වරදක් නොදකින බවත්, පාර්ලිමේන්තුව තුල අවශ්‍යයෙන්ම සිටිය යුතු කිහිප දෙනෙක් එලෙස නැවත ජාතික ලයිස්තුව තුලින් පත්කිරීම ජනපතිවරයාගේ කාලෝචිත පියවරක් ලෙස තමන් විශ්වාස කරන බව දඹර අමිල හිමි පවසයි.

“මේ පරාජයට පත්වුණු පිරිස ඇත්ත වශයෙන්ම පරාජයට පත්විය යුතු දේශපාලඥයින් පිරිසක් නෙවෙයි, පරාජිතයන් වූ පමණින් එකම වල්ලට දාලා තීරණය නොකල යුතුයි. පරාජිත වූවත් දූෂිතයන් නොවේනම් පාර්ලිමේන්තුව තුලට පැමිණිය යුතුය, ජයග්‍රහණය කලත් දූෂිතයන්නම් වරප්‍රසාද නොදිය යුතුයි“
එසේම පරාජයට පත්වුණු පිරිස රටට වැඩක් කල දේශප්‍රේමී පිරිසක් බවත්, ඔවුන් වෙනුවෙන් ගන්නා ලද පියවර ජනතාවාදී බවත් වැඩිදුරටත් සඳහන් කලහ.

Tuesday, August 25, 2015

ගම්පහ සන්ධාන ලයිස්තුවෙන් ප්‍රසන්නට අප්‍රසන්න ප්‍රහාර


ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන ලයිස්තුවේ වැඩිම මනාප ලබාගත් බස්නාහිර පළාත් මහ ඇමති ප්‍රසන්න රණතුංග මහතාට එරෙහිව අවි අමෝරා ක්‍රියා කිරීමට සන්ධාන ලයිස්තුවේ පරාජයට පත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් කටයුතු කරමින් සිටියි. ඒ අතර ඔහුගේම සොහොයුරු රුවන් රණතුංගද සිටීම විශේෂත්වයකි.

   ඊට අමතර පණ්ඩු බණ්ඩාරණායක, ෆීලික්ස් පෙරේරා වැනි ප්‍රබලයින්ද සිය පරාජයට ප්‍රධානතම හේතුව ප්‍රසන්න රණතුංග මහ ඇමතිවරයාගේ ක්‍රියා කලාපය බව ප්‍රසිද්ධියේම විවේචනය කරමින් සිටිති. එහිදී පණ්ඩු බණ්ඩාරණායක මහතා කියා සිටියේ ප්‍රසන්න රණතුංග මහතා සෘජුවම ගම්පහ දිස්ත්‍රික්කය පුරාවටම මහින්ද රාජපක්ෂට හිතවත්යැයි හැඳින්වූ කිහිප දෙනෙක්ට පමණක් ඡන්දය දෙන ලෙස සන්ධාන පාක්ෂිකයන්ට බලපෑම් කිරීම තුලින් තමන්ගේ පරාජය සිදුවූ බවයි.
   මෙයට පිළිතුරු ලෙස ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේ එම චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවය. එසේම ගම්පහ දිස්ත්‍රික්කයේ පරාජයට වගකිව යුතු වන්නේ දිස්ත්‍රික් නායකයා බවත්, ඒ වෙනුවෙන් තමන්ට චෝදනා කර පලක් නැති බවයි.

ජ.වි.පෙ න් තව 10 ක් වත් ආවනම් බොහොම වටිනවා - හරීන් ප්‍රනාන්දු


පසුගිය මහ මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණෙන් තවත් මන්ත්‍රීවරුන් 10ක් වත් පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ නම් එය ඉතාමත් වටිනා තත්වයක් වනු ඇතැයි පාර්ලිමේන්තුවට එක්සත් ජාතික පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික්කයෙන් තේරී පත්වූ හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ ප්‍රකාශ කලහ.

දෙරණ නාලිකාවේ 360 වැඩසටහනට සහභාගීවෙමින් හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ ශක්තිමත් විපක්ෂයක් වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ භූමිකාව ඉතා ප්‍රබල බවයි. ඒ නිසාවෙන් ඔවුන් 6 දෙනෙක් පමණක් පාර්ලිමේන්තුවට තේරී පත්වීම එතරම් හොඳ තත්වයක් නොවන බව කියා සිටියේය.

මැතිවරන සමය තුල මළසිරුරු ගොඩගැනීම්, ලිපි එවීම් නිසා එක්සත් ජාතික පක්ෂයට යම් වාසියක් සිදුවූ බව තමන් පිළිගන්නා බවද එතුමන් වැඩිදුරටත් කරුණ දැක්වීය.

Monday, August 24, 2015

ඡන්දෙන් පස්සෙත් මළමිනී ගොඩගන්නා ලකුණු


මීට වසර කීපයකට පෙර රිය අනතුරකින් මියගිය කැළණිය විශ්වවිද්‍යාලයේ ජානක සහ රුහුණ විශ්වවිද්‍යාලයේ සිසිත යන අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ ක්‍රියාකාරී සාමාජිකයන් දෙදෙනාගේ මරණයට අදාල සිදුවීම සැක සහිතබව සඳහන් කරමින් එම පරීක්ෂණය නැවත බලගන්වන ලෙස ඉල්ලා සිටිමින් අන්තරය අපරාද පරීක්ෂණ අංශවෙත පැමිණිලි කර ඇත.

අදලා සිදුවීමට සම්බන්ධ සාක්ෂි අපහැදිලි බවත්, අදාල අනතුර සැක සහිත බවත් සඳහන් කරමින් නැවත පරීක්ෂණ ආරම්භකරන ලෙසයි අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය ඉල්ලා සිටින්නේ. 
කෙසේ වෙතත් බොහෝවිට නැවත එම ශිෂ්‍යයන් දෙදෙනාගේ මරණවලට අදාල පරීක්ෂණ සිදුවනු ඇති බව ශිෂ්‍ය ක්‍රියාකාරීන් සඳහන් කර ඇත්තේ.

සංගක්කාරගේ සමුගැනීමට ජයක් පුදන්නට බැරිවේ


ශ්‍රී ලංකාවෙන් මෙතෙක් බිහිවුණු අද්වතීයම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස හැඳින්විය හැකි කුමාර් සංගක්කාර සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ අවසන් තරඟය වූ ඉන්දියාව සමග දෙවන ටෙස්ට් තරඟය ලකුණු 278කින් ශ්‍රී ලංකාව පරාජයට පත්විය.

ලකුණු 413 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 134 ක් පමණි. දෙවන ඉනිමේදී අසාර්ථක පිතිහරඹයක නිරත වූ ශ්‍රී ලංකා පිතිකරුවන් අතරින් යම්තාක් දුරට හෝ සාර්ථක වූයේ ලකුණු 46 ක් ලබාගත් දිමුත් කරුණාරත්න පමණි. පන්දු යැවීමේදී රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 45 කට කඩුළු 5 ක් සහ අමිත් මිශ්රා ලකුණු 25 කට කඩුළු 3 ක් ද ලබාගැනීමට සමත්විය. තරඟයේ වීරයා බවට පත්වුණේ ලෝකේෂ් රාහුල්ය.

අවසන් තරඟයට ක්‍රීඩාකල කුමාර් සංගක්කාරට ගෞරවනීය සමුගැනීමක් ලබාදීමේ අරමුණින් අවසන් දිනයේදී තරඟය නැරඹීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙන්ම ක්‍රීඩා ක්ෂේත්‍රයේ බෙහොමයක් සුපිරි චරිත එක්ව තිබිණි. 

ලංකාව වෙනුවෙන් අග්‍රගන්‍ය සේවයක් කරන ලද මෙම ක්‍රීඩකයාට ජයග්‍රහණයකින් සමුගැනීමක් ලබාදීමට ශ්‍රී ලංකා පිල අසමත්වූ අතර ඉන්දු ශ්‍රී ලංකා ටෙස්ට් තරඟාවලිය මේවනවිට තරඟ 1-1 ලෙස සම තත්වයේ පවතී. තෙවන සහ අවසන් තරඟය එළඹෙන අගෝස්තු 28 දින කොළඹ එස්.එස්.සී පිටියේදී පැවැත්වේ.

Sunday, August 23, 2015

මට සන්ධානය ගැන බොහොම කණගාටුයි - හිරුණිකා


ජාතික ලයිස්තුව නම් කිරීමත් සමගම තමන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානය පිළිබඳ දැඩි කණගාටුවක් ඇතිවූ බව තේරී පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කියා සිටියි. මහජන ඡන්දයෙන් පරාජයට පත්වූ දේශාපලඥයන් වැඩි පිරිසක් ජාතික ලයිස්තුව වැනි තීරණාත්මක ලයිස්තුවකින් නැවත පාර්ලිමේන්තුවට ගෙනඒමට කටයුතු කිරීම තුලින් සන්ධානය ඉතා පහත් තත්වයට වැටී ඇති බව ඇගේ අදහසයි.

   තමන්ට එක්සත් ජාතික පක්ෂයේ නාම යෝජනා ලැබුණේ මැතිවරණයට සතියක් පමණ තිබියදී බවත්, එසේම තමන්ට තරඟ කරන්නට සිදුවූයේ එක්සත් ජාතික පක්ෂයේ හොඳම ලයිස්තුව සමග වීමත් නිසා තමන්ට විශාල අභියෝගයක් තිබූ බවත්, එය ජයගෙන පාර්ලිමේන්තුවට පැමිණීමට හැකිවීම ගැන අවංකවම සතුටුවන බව ඇය සඳහන් කලහ.

   එසේම ශ්‍රී.ල.නි.ප යේ වර්තමාන තත්වය ගැන තමන් අතීතයේ නියෝජනය කල පක්ෂය ලෙස දැඩි කණගාටුවක් හා කලකිරීමක් ඇති බව ඇය කියා සිටියි.

Discussion

Sports

Featured

 

© 2015 Lanka Words.com. All rights resevered. Designed by